Saturday, October 3, 2015

පෙරවදන


මීට කලකට පෙර ලියන ලද මෙම සිදුවීම් මාලාව බොහෝ දෙනෙකුගේ ඉල්ලිම පරිදි මේ අයුරින් බ්ලොග් අඩවියක පල කිරීමට මා තිරනය කලෙමි. මෙහි අත් පිටපත කියෙවූ බොහෝ දෙනා මේ පිලිබදව දෑක්වූ සුබවාදී ආකල්පය පාඨක ඔබත් දක්වනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි. මගේ අරමුණ වූයේ අලුත් දිශානතියක් වෙත පාඨකයන් යොමු කරවීමට හා ශ්‍රී ලාංකික ප්‍රේක්ශකයන් නූතන ඉන්දියානු සහ කොරියානු කතා මාලා වලින් මුදවා ගැනීම බව කියනු කැමැත්තෙමි.

කෙසේ හෝ වේවා ලියා අවසාන කල මෙම කතා මාලාවේ සියලු නම් ගම් සහ ඈතුලත් කරුණු සියල්ල මා විසින් නිර්මානය කරන ලද මනඃකල්පිත ඒවා බවටත් ඒ පිලිබද සියලු වගකීම් මා විසින් දරන බවත් කියනු කැමැත්තෙමි.

මේ පිලිබදව පාඨක ඔබේ අදහස් චෝදනා සහ හරවත් විවේචන මෙන්ම නිවෑරදි කිරීම් ම වෙත දක්වන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි
ස්තූතියි